පූජ්‍ය දාස්වත්තේ සුමනසීල ස්ථිවරයෝ

දැනුම්දීමයි !

අතිගරු පූජනීය දාස්වත්තේ සුමනසීල ස්වාමින් වහන්සේ හදිසි අනතුරකින්  අපවත් වුන නමුත් උන්වහන්සේ විසින් ඇරබුණු මෙම ධර්ම දානය අවසන් නොවිය. මෙහි ඇති සද්ධර්මය කියවා අසා දැන සිත් පැහැද කරගෙන අමා මහ නිවනට යන මග පාදා ගන්න. පූජනීය උන්වහන්ස්ට පතන්නා වූ බෝධියකින් නිවන්සුව ලැබේවායි ප්‍රර්ථනා කරමු.

 

RUG_1317

   ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අතිරේක විසති කාරක සංඝ සභාවේ කාරක සභික, සමථ විපස්සනා කර්මස්ථානආචාරිය උපසම්පදාවේ කර්මාචාර්ය අතිගරු පූජනීය දාස්වත්තේ සුමනසීල මහා ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමය සංස්ථාව සමුද්පාදක අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මහෝපාධ්‍ය මානාහිමියන් වහන්සේගේ සුරතින් වර්ෂ 1982.09.04 වෙනි දින සබරගමු පලාතේ කෑගලු දිස්ත්‍රික්කයේ සතර කෝරළයේ දීවල පල්ලේගම මැල්ලගල යෝගාශ්‍රමයේදී උතුම් පැවිද්ද ලබාගෙන මැල්ලගල යෝගාශ්‍රමාධිපති අතිගරු කෙහෙල්පන්නල ශ්‍රී සුමන මාහිමිපාණන් වහන්සේගේ සහ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති අතිගරු පූජනීය මිනුවන්ගමුවේ නාගිතාහිධාන මාහිමියන් වහන්සේගේ උපකාරයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව 1984.06.18 වෙනි දින අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මානාහිමියන් වහන්සේගේ උපාද්‍ධ්‍යායත්වයෙන් ගරු උපසම්පදාව ලබාගෙන වැඩිදුර ධර්ම විනය හැදෑරීම සඳහා මාතර පුහුල්වැල්ල රෝහණ යෝගාශ්‍රමය අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන මුලස්ථානයේ ඇසුරු කරගෙන වර්ෂ අවුරුදු 10 ට ආසන්න කාලයක් අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මහා ස්වාමින් වහන්සේ, කුරුණෑගල නාථගණ ආරණ්‍ය සේනාධිපති අතිගරු ගැටමන්නේ විමලවංස මාහිමියන් වහන්සේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති අතිගරු පූජනීය පහල පිටිගල ජනානන්ද මහා ස්වාමින් වහන්සේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මද්‍යස්ථානාධිපති අතිගරු පූජනීය මීතලාවේ විනීත මහා ස්වාමින් වහන්සේ, කුරුණෑගල නාථගණ ආරණ්‍ය සේනාසභාධිපති අතිගරු පූජනීය හැවන්පලස්සේ චන්දවංස මහා ස්වාමින් වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයින් වහන්සේලාගේ ඇසුරෙන් මනාව ධර්ම විනය හදාරා ශාසනික ප්‍රතිපදාව සම්පූර්ණ කරමින් ශාසනික මෙහෙයක් සිදුකරගෙන යන මහා ස්වාමින් වහන්සේ නමකි.

           සම්බුද්ධ ශාසනයේ පැවිදි සුවය ලබාදෙන ආධ්‍යාත්මික සුවය ලබාගැනීම සඳහා සමථ සහ විපස්සනා භාවනා මැනවින් ප්‍රගුණ කරන්නට යෙදුනි. වර්ෂ 1996 වර්ෂයේ මුල් භාගයේදී තායිලන්තයට වැඩම කළහ. එහිදී ආරණ්‍ය සේනාසනවල සංචාරය කර මාස දෙකහමාරක භාවනා පුහුණුවක් අතිගරු පූජනීය ගාල්ලේ සංඝ සුභද්‍ර ස්වාමින්වහන්සේ සමග දකුණු තායිලන්තයේ සොයන්මොක් නගරයේ අජාන් බුද්ධදාස ස්වාමින්වහන්සේ ආරණ්‍ය සේනාසනයකදී භාවනා පුහුණුව ලැබීය. ඉන් අනතුරුව අතිගරු පූජනීය ප්‍රධාන කර්මස්ථානාචාරිය නාඋයනේ මානාහිමියන් වහන්සේගේ උපදෙස් මත භාවනාවෙහි යෙදුනාහ . එම කාලය තුල වර්ෂ 1997 වර්ෂයේ බුරුම රට මොලමින් නගරයෙහි චිත්තල පබ්බත ආරණ්‍ය සේනාසනාධිපති ආචිණ්ණ සියාඩෝ මාහිමියන් වහන්සේ ලංකාවට වැඩමවා ගල්දූව ගුණවර්ධන මුලස්ථානයේ සහ මීතිරිගල ධර්මායතනයේ විශේෂ භාවනා පුහුණුවක් පැවැත්වූහ (1997 වර්ෂයේම පැවතුණා ). එයින් සමථ සහ විපස්සනා භාවනාව මනාව සම්පූර්ණ කරන්නට හැකිවිය. ඉන් පසුව වර්ෂ 17 පමණ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ කර්මස්ථානආචාර්‍යවරයෙක් වශයෙන් නොයෙක් සේනාසනවල අදත් එම කටයුත්ත භාවනා උපදෙස් ලබාදෙමින් ශාසනික සේවාවක් කරයි . අතිගරු පූජනීය ප්‍රධාන කර්මස්ථානආචාරිය නාඋයනේ මානාහිමියන් වහන්සේ සමග රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ භාවනා පන්තිය වර්ෂ 16ක් නොකඩවා සහභාගී වීමෙන් සහයෝගය ලබා දෙමින් ශාසනික සේවාවක් කලහ . 2010 වර්ෂයේදී බුරුම රට මොලමින් නගරයේ පාවූක් භාවනා මධ්‍යස්ථානයේ අග්ගමහා කර්මස්ථානආචාරිය ආචිණ්ණ සියාඩෝ මාහිමියන් වහන්සේ යටතේ මාස 6ක් නොකඩවාම විශේෂ ආචාරිය පුහුණුවක් ලබාගත්හ(එය ප්‍රායෝගික යෙදීමකි ) . මේ සදහා ලොව රටවල් 16කින් පමණ පිරිසක් සහභාගී විය.ශ්‍රී ලංකාවෙන් අතිගරු පූජනීය ප්‍රධානාචාර්ය නාඋයනේ මහා ස්වාමින් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකාවෙන් පහළොස්නමක් සහභාගී විය . ඒ ලබාගත් මහගු අත්දැකීම අනුව භාවනා ලබාදෙන ගුරුවරයෙක් බව අප පමණක් නොව ලොවම පිළිගත් කාරණයකි . මුළු ලොවට ධර්මය බෙදාදෙන බෞද්ධයා රූපවාහිනියෙන්, බෞද්ධයා ගුවන් විදුලියෙන් , ගුවන් විදුලි සංස්ථාවෙන් ධර්ම දේශනා භාවනා උපදෙස් නිහඬව ලබාදෙන ලංකාවේ නොයෙක් ප්‍රදේශවල භාවනා පන්ති මෙහෙයවන ශාසන සේවයක් සිදුකරන සිල්වත් ගුණවත් භාවයෙන් නිහඬතාවය සලකමින් උපදෙස් ලබාදෙන්නේය . එතුමන් වහන්සේගේ ශාසන සේවය සිදුවන්නේ සීල ,සමාධි ,ප්‍රඥා ,ආමිස ,ප්‍රතිපත්ති ,සමථ ,විපස්සනා යන ශාසන ක්‍රමයට අනුලෝමවය .එය අපට මහත් සතුටකි . එම නිසා එවැනි උතුම් සත් ක්‍රියාවක් ශාසනික වශයෙන් සිදු කරන්නට කැමැත්තේනම් අප සමග ශාසනික වශයෙන් එකතුවෙමු. සසරින් මිදෙන නිවන් අරමුණින් තුරුණුවන්ගේ ගුණයෙන් කර්ම ඵල විශ්වාසයෙන් මනා දැකීමෙන් සාසනික ප්‍රතිපත්තියෙන් සසර සුව සේම පාරමී පුරගැනීමට හේතුවන ආර්ය මාර්ගයට පිවිසෙන උතුම් ප්‍රතිපදාවට නුවන යොමුකර ගන්නට උත්සහවන්ත වෙමු. මෙවැනි කල්‍යාණ මිත්‍ර සේවනය නිවන දක්වාම ලැබේවායි ප්‍රාර්ථනය කරමු.